බෝසත් හෙටක් සංවිධානයේ මූල්‍ය අනුග්‍රාහක දායකත්වය ඇතිව CIB ෂොපින් සෙන්ටර් ඇඹිලිපිය ශාඛාවේ සංවිධාන ශක්තියෙන්ද දහම් පාසල් 05 සඳහා රු 50000.00 ක වටිනා ඩෙස් බංකු ප්‍රධානය කිරීමේ තෙවන අදියර ඇඹිලිපිටිය සෙවනගල නුගේගල යාය ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසල සඳහා 2016 ඔක්තෝම්බර් මස 09 වන ඉරු දින සිදු කරන ලදී. මෙවර අප විසින් තෝරා ගනු ලැබූ විහාරස්ථානය ඓතිහාසික ඌව වෙල්ළස්ස කැරැල්ලෙන් පසුව ඇති වූ ආගමික නවෝදය සමගින් ඉදි වූ ග්‍රමීය විහාරස්ථානයකි. මෙහි ආරම්භක විහාරාධිපති ධූරය සිරිවංස වංසාලංකාර ධර්මාචාර්ය අති පූජ්‍ය මුරුතාමුරේ මුනින්දවංස නාහිමිපාණන් විසින් හොබවා ඇති අතර වර්ථමාන විහාරාධිකාරී ධූරය දරනුයේ පූජ්‍ය කැම්පනේ අරියවංස හිමියන් විසිනි. මෙම විහාරස්ථානයේ 1986 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රි සුදර්ශනාරාම දහම් පාසලෙ හි මේ වන විට දුවා දරුවන් 450 ක් පමණ දහම් අධ්‍යාපනය ලබන අතර ආචර්‍ය මණ්ඩලය 13 න් දෙනෙකුගෙන් සමන්විත වේ.












